මෙරට කෘෂිකර්මාන්තයේ නිරත වන ගොවි ජනතාව නොමග යැවීම සඳහා යම් යම් පාර්ශ්වයන් විසින් රට තුළ පොහොර හිඟයක් මතුවන බවට අසත්‍ය ප්‍රචාර පතුරවා එම ජනතාව බියවද්දන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය .
ලංකාවේ වී ගොවිතැන සිදුකිරීමට යූරියා මෙට්‍රික් ටොන් 180,000ක් අවශ්‍ය බවත් එම ප්‍රමාණය ඉක්මවා මේ වන විට රට තුළ යූරියා පොහොර තිබෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන් අනතුරුව ගොවියාට අවශ්‍ය වන්නේ මඩ පොහොර හෙවත් TSP – (Triple Super Phosphate) පොහොර බවයි.
සාමාන්යුඅ වශයෙන් මහ කන්නයේ වගා කටයුතු සිදු කිරීමට TSP පොහොර සාමාන්‍යයෙන් ටොන් 25,000ක ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත් පොහොර ලේකම් කාර්යාලයේ ඇති දත්තවලට අනුව මේ වන විට TSP පොහොර ටොන් 31,000ක ප්‍රමාණයක් රට තුළ තිබෙන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය .
නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එස්එස්පී (SSP – Single Super Phosphate) පොහොරද ටොන් 5000කට වැඩි ප්‍රමාණයක් රට තුළ තිබෙන බවයි.