ලෝක වාර්තාවක් තැබූ පිහාටුව

පක්ෂියෙකුගේ පිහාටුවක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් 28,417, £22,409 කට අලෙවි වී ලෝක වාර්තාවක් පිහිටුවා ඇති පුවතක් නවසීලන්තයෙන් වාර්තා වනවා.

ඒ දැනට වඳ වී ගොස් සිටින නවසීලන්ත huia නමින් හඳුන්වන පක්ෂියාගේ තනි කුරුලු පිහාටුවක්.

මුලින් ඩොලර් 3,000ක පමණ මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කර තිබෙනවා.

නමුත් එම විශේෂයේම පිහාටුවක් සඳහා වූ පෙර වාර්තාව 450% කින් බිඳ දැමූ බව Webb’s Auction House පවසනවා.

Māori ජනතාව huia කුරුල්ලාව ඉතාමත් පූජනීය ආකාරයට සලකනවා.

මේ කුරුල්ලන්ගේ පිහාටු බොහෝ වෙලාවට ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල් විසින් හිස් ආවරණ ලෙස පැළඳගෙන සිටිනවා.

ඒ වගේම තෑගි ලෙස ලබාදෙනවා වගේම හා වෙළඳාම් කටයුතු සඳහාත් භාවිත කරනවා.

එය අවසන් වරට තහවුරු වී ඇත්තේ 1907වසරේදී.

නමුත් නවසීලන්ත කෞතුකාගාරයට අනුව ඉන් වසර විස්සක් තිහක් පමණ යනතුරු තහවුරු නොකළ දර්ශන වාර්තා වී තිබෙනවා.

huia පක්ෂියා නවසීලන්තයේ Wattlebird පවුලේ කුඩා ගීත කුරුල්ලෙකු වූ අතර කුරුල්ලට ඇති පැනීමේ හැකියාවන් සහ අලංකාර පිහාටු නිසා එරට තුළ ඉතා ප්‍රසිද්ධ වුණා.

ඉකුත් සඳුදා (20)වැනිදා අලෙවි කරන ලද පිහාටුව “අපූරු තත්ත්‍වයේ” තිබූ බව Webb’s Auction House පවසනවා.

Webb’s Auction House පවසන්නේ වෙන්දේසි ආයතනය විසින් භාණ්ඩය UV ආරක්ෂිත වීදුරු පිටුපසින් සහ ලේඛනාගාර කඩදාසිවලින් රාමු කර ඇති බව හා එයින් අදහස් කරන්නේ එයට “සැබවින්ම දිගු ආයු කාලයක්” ලැබෙනු ඇති බවයි.

Māori ජනතාව විසින් සාදන ලද වස්තූන් ආරක්ෂා කිරීමේ පද්ධතියක් යටතේ පිහාටුව taonga tūturu ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

පද්ධතිය තුළ බලපත්‍ර ඇති එකතු කරන්නන්ට පමණක් එය මිලදී ගැනීමට අවසර හිමිවුණා.

සංස්කෘතික හා උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පිහාටුව රටින් ගෙන යාමට නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ කුරුලු පිහාටුව නවීන විලාසිතා සඳහා යොදාගන්නා ආකාරයත් අද සමාජයේ දැකිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!