වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

2024 වසරේ 05 වන මස 23 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමන බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසනවා.

ඒ අනුව සිරකරුවන්ට මෙම පොදු සමාව ප්‍රදානය කර ඇත්තේ පහත සඳහන් නියමයන් හා කොන්දේසි යටතේයි.

•2024.05.23 දින වන විට බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන(ගත කරන ලද) ලද වසරකට හෝ ඉන් කොටසකට සති එකක (සති 01ක්) සමාවක් ප්‍රධානය කිරීම.

•දඩ මුදල් නොගෙවීම නිසා 2024.05.23 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

මෙම විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කිරීම අනුව, වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15ක් ද, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 37ක්, වශයෙන් දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතන මගින් සිරකරුවන් 278 දෙනෙකු 2024.05.23 වන දින නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අය අතර කාන්තා රැදවියන් 10 දෙනෙකුද සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!