කුඩු සළිඳු සහ හරක් කටා ගැන ‘රහස් පොලිසිය’ තීරණයක් ගනී

සංවිධානාත්මක අපරාධකරුවන්වන කුඩු සළිඳු සහ හරක් කටා ලබන සඳුදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි වාර්තා පළවනවා.

වසරකට වැඩි කාලයක් ඔවුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටි අතර ඔවුන් සඳහා ලබාගෙන තිබූ රැඳවුම් නියෝග ද අවසන් වී තිබෙනවා.

මොවුන් දෙදෙනා ඉකුත් වසරේ මාර්තු මස පළමු වන දා මැඩගස්කරයේදී එරට ආරක්‍ෂක අංශවලට කොටු වූයේ ජාත්‍යන්තර පොලිසිය හරහා ලබාගත් රතු නිවේදනය නිසායි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!