තාඹුගලට මරණ තර්ජන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවු‍ලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ලවී තිබෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

මෙම පැමිණිල්ල අද (03) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!