වෙසක් අසිරියෙන් පිරුණු කොළඹ බන්ධනාගාරය

බු.ව. 2568 වන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් කොළඹ බන්ධනාගාර ආයතන වෙසක් සැමරුම් වැඩසටහන් රාශියක් බන්ධනාගාර මූලස්ථාන පරීශ්‍රයේදී සිදු වුණා.

මෙහිදි වෙසක් පහන් කුඩූ ප්‍රදර්ශණයක් බන්ධනාගාර ආයතන 28 කින් ඉදිරිපත් කළ අතර, විවිධ වු ආකාරයේ පහන්කුඩු රැසක් මහජනතාව වෙනුවෙන් මැයි මස 23 හා 24 යන දෙදින ප්‍රදර්ශණය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

මෙහිදි නිර්මාණාත්මක වෙසක් පහන් කූඩූ රැසකින් පළමු ස්ථානය, දෙවන හා තෙවන පිලිවෙලින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය, මීගමුව බන්ධනාගාර හා බදුල්ල බන්ධනාගාරය ස්ථාන ලබා ගනිමින් ඇගයීමට ලක් කෙරුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!