CIDයට සම්බන්ධ පුද්ගලයෙක් තම දරුවන් පසුපස ලුහුබඳිනා බව මනෝරී සලේ කියයි .

තමා සහ පවුලේ සාමාජිකයන් පසුපස ලුහුබඳිනා පුද්ගලයෙක් පිළිබඳව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ විසින් කරුණු හෙළිකරයි . ඇය අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් මෙම තොරතුරු අනාවරණය කර ඇත .

ඇය සිය පැමිණිල්ල මගින්වැඩි දුරටත් සඳහන් කරනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සිටින, සිවිල් ඇඳුමින් සැරසුණු, සැක සහිත නිරීක්ෂණ කටයුතුවල නියැලෙන විශේෂිත පුද්ගලයෙකු තමාව සහ දරු දෙදෙනාව නැවත නැවතත් නිරීක්ෂණය කරමින් සිටිනා බවයි .

පසුගිය දිනයක සිය දියණිය සහ පුත්‍රයා සිය පියාගේ සුවදුක් විමසීමට ජාතික රෝහලට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා දරුවන් පසුපස ගොස් ඔහුගේ ජංගම දුරකථනයෙන් ළමයින්ගේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝගත කිරීම සිදුකර ඇති බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කරයි .

මීට පෙරත් ජාතික රෝහල අසළ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසළ ඔහු ගැවසෙන අයුරු නිරීක්ෂණය කර ඇති බවද ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත .