යුද්ධය අවසන් කිරීම සඳහා මූලික එකඟතාවකට අත්සන් තැබීමෙන් අනතුරුව, අමෙරිකානු සහ ඉරාන නිලධාරීන් සෘජු සාකච්ඡා සඳහා ස්විට්සර්ලන්තයට පැමිණ සිටිනා බව වාර්තා වේ.
දෙමසක නිස්චිත කාල සීමාවක් තුළ අවසාන සාම ගිවිසුමකට එළඹීම සහ ලෙබනනය ඇතුළු සියලුම කළාපීය රටවලට එරෙහි සතුරුකම් අවසන් කිරීම මෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය යළි ජාට්ජ්‍යන්තර නාවික ගමනාගමනයට විවෘත කිරීම මෙම මූලික ගිවිසුමට ඇතුළත් ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , පාකිස්ථානය නියෝජනය කරමින් එරට අගමැති ෂෙබාස් ෂරීෆ්, පාකිස්ථාන හමුදා ප්‍රධානි ෆීල්ඩ් මාෂල් අසම් මුනීර් සහ ඇමරිකාව නියෝජනය කරමින් එරට උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් එම නියෝජිත පිරිස අතර වන බව වාර්තා වේ .
මෙහිදී අමෙරිකා – ඉරාන පාර්ශව ප්‍රධාන පාර්ශව ලෙසත් පාකිස්ථාන සහ කටාර් නියෝජිතයින් මැදිහත්කරුවන් ලෙසත් ඊට සම්බන්ධ වනු ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඉරානය නියෝජනය කරමින් එම සාකච්ඡා සඳහා එරට පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු පිරිසක් සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.