විජයදාසට එරෙහි වාරණය යළි දීර්ඝ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව කැඳවනු ලැබුවේ අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේදීයි.

එහිදී නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අනතුරුව අධිකරණය නියම කළේ වාරණ නියෝගය මේ මස 25 වන දක්වා දීර්ඝ කරන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික මෙන්ම අමාත්‍යවරයකු වන ලසන්ත අලගියවන්න මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!