රුසියාවේ විදේශ ඇමතිගෙන් ලංකාවට පොරොන්දුවක්

රුසියාවේ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එරට විදේශ කටයුතු අමාත්‍ය Sergey Lavrov මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරු දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වනවා.

එසේම මේ වනවිට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් ද එහිදී අලි සබ්රි මහතා අදහස් දක්වා ඇති අතර ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙස ඔහු රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් රුසියාවේ හමුදා සේවයට බඳවා නොගන්නා බවට රුසියානු විදේශ අමාත්‍යවරයා පොරොන්දු වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

එළැඹෙන ජූනි 26 සහ 27 යන දිනවල ඉහළ පෙළේ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් රුසියානු බලධාරීන් සමග මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!