ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සිදු කෙරෙන තාක්ෂණික වැඩිදියුණු කිරීමක් හේතුවෙන්, අද (නොවැම්බර් 18) මධ්‍යම රාත්‍රියේ සිට දින පහක කාලයක් සඳහා බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි .
ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම නොවැම්බර් 23 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවන අතර, එම කාලසීමාව තුළ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.motortraffic.wp.gov.lk) හරහා ලබා දෙන මාර්ගගත (online) ආදායම් බලපත්‍ර සේවාවන් ද ලබා ගත නොහැකි වනු ඇත.
කෙසේ වෙතත්, මෙම අත්හිටුවන කාලසීමාව තුළ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට නියමිත වාහන හිමියන්ට, ප්‍රමාද ගාස්තු හෝ දඩ මුදල් ගෙවීමකින් තොරව බලපත්‍ර ලබා ගැනීම සඳහා නොවැම්බර් 25 සිට 27 දක්වා සහන කාලයක් ලබා දෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි .