නිදහස් පක්ෂයේ හොර අල්ලන්න ‘හෝටලේකට’ පැන්න දෙන්නා

නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල නොවන දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (20) පවත්වන බවට ලැබුණු තොරතුරක් අනුව ඒ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමග රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු රැස්වීම පැවැත්වූ බව කියන කොළඹ හෝටල් පරිශ්‍රයට පැමිණ තිබෙනවා.

පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එය පවත්වා ඇති බවටයි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා චෝදනා කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!