හිමිනමකගේ පහරදීමකින් වැඩිහිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට

මාරවිල ප්‍රදේශයේ නිවසක වාසය කළ චීවරධාරියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වනවා.

ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී තුවාලකරුවාව සොයාගෙන ඇති අතර පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර චීවරධාරියා මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු බව සඳහන් වනවා.

එම සැකකරු විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩවසන බවත්, අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවටත් අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසනවා.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!