බයි­ඩ්න්ගෙන් මෝදිට දුර­ක­තන ඇම­තු­මක්

ඉන්දි­යාවේ නව අග­මැ­ති­ව­රයා ලෙස තුන්වැනි වර­ටත් පත් වූ නරේන්ද්‍ර මෝදිට අමෙ­රි­කාවේ ජනා­ධි­පති ජෝ බයිඩ්න් දුර­ක­තන ඇම­තු­මක් ලබා දී සුබ පතා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එහිදී ඉන්දි­යාව සහ අමෙ­රි­කාව අතර ඇති සහ­යෝ­ගි­තාව ගෝලීය යහ­පත උදෙසා අඛණ්ඩ බල­පෑ­මක් වන බව ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

පසු­ගි­යදා නිමා­වට පත්වූ ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් භාර­තීය ජනතා පක්ෂය ඇතුළු ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සන්ධා­නය පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය අත්කර ගත්තා.

ඉන්දීය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පැස­සු­මට ලක්වීම ඉහ­ළින් අගය කරන බව බයිඩ්න් සමග පැවැති දුර­ක­තන සංවා­ද­යෙන් පසු X සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇති අතර, දෙරට අතර සහ­යෝ­ගී­තාව මනුෂ්‍ය යහ­පත වෙනු­වෙන් ගෝලීය බල­යක් බවට පත්වනු ඇති බව ඔහු අපේක්ෂා කරන බව සඳ­හන් කර තිබෙනවා.

ඉදිරි වසර කිහි­ප­යේදී අමෙ­රි­කාව සහ ඉන්දි­යාව අතර සම්බ­න්ධ­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට අවශ්‍ය පිය­වර ගැනී­මට නිය­මිත බවද වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!