යුක්‍රේනයේ දරුවන් 19000කට වඩා රුසියාවට අරන් ගිහින්

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඇති කරගනු ලැබූ ගණුදෙනුවකින් රුසියාවේ හා යුක්‍රේනයේ යුද්ධයෙන් අවතැන් වූ දරුවන් හය දෙනෙකු ඔවුන්ගේ භාරකරුවන් වෙත ආපසු ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මොස්කව්හි කටාර් තානාපති කාර්යාලයේ පැවති උත්සවයක දී එම දරුවන් නැවත භාරදුන් බව සඳහන්.

යුක්‍රේනය විශ්වාස කරන්නේ 2022 වසරේ ආරම්භයේ සිට සිය රටේ දරුවන් 19000කට වඩා නීතිවිරෝධී ලෙස රැගෙන ගොස් ඇති බවයි. ඒ අතරින් දරුවන් 400කට වඩා අඩු ප්‍රමාණයක් ආපසු භාර දී ඇති බව ද සඳහන්.

රුසියාවේ ප්‍රහාර මගින් දරුවන්ගේ දෙමාපියන්ගෙන් සමහරක් මිය ගිය අතර අනෙක් අය ඔවුන්ගේ රැකවරණකරුවන්ගෙන් වෙන් කළ බවත් ඇතැම් අය එවකට රුසියාව අල්ලාගෙන සිටි ප්‍රදේශවල යුක්‍රේනයානු අනාථ නිවාසවල ජීවත් වූ බවත් වාර්තා වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!