පෘථිවිය දෙසට ඇදී එන ප්‍රබල සූර්ය කුණාටුවක්

තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වීමට ඉඩ ඇති බවට අමෙරිකාවේ නාසා විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

තාරකා විද්‍යාඥයන්ට අනුව සූර්ය කුණාටුවක් යනුවෙන් හඳුන්වන්නේ සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ සහ ආරෝපිත අංශුවලින් සමන්විත ගිනි දැල්ය.

මේවා සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිද පවතිනවා.

මෙම නව සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑම් එල්ලවන බවත් එය සන්නිවේදන කටයුතු අඩපණ වීමට හේතුවක්වන බවත් නාසා විද්‍යාඥන් පවසනවා.

මීට දින කීපයකට පෙරදීද් මෙවැනි සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වුණා.

රටවල් බොහොමයක අහස ඔරෝරෝ බොරියාලිස් හෙවත් උත්තර ආලෝකයෙන් හැඩ ගැන්වුණේ එම සූර්ය කුණාටුව හේතුවෙන්.

එම අවස්ථාවේදී බිලියනපති ඊලෝන් මස්ක්ගේ සන්නිවේදන චන්ද්‍රිකා කීපයකට බලපෑම් එල්ල වූ බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!