ශ්‍රීලන්කන් ලුණු ගම්මිරිස් නතර කළේ මෙන්න මේ නිසයි

පසුගිය වසරේ අගභාගයේ සිට ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානාවල ආර්ථික පන්තියේ මගීන් සඳහා ලබාදෙන ආහාරවලට ගම්මිරිස් සහ ලුණු පැකට් ලබා දීම නවතා දමා තිබෙනවා.

ආර්ථික පන්තියේ ගමන් කරන මගීන්ගෙන් බහුතරයක් ගම්මිරිස් සහ ලුණු භාවිත නොකරන බවට සිදු කළ සමීක්ෂණයකින් අනාවරණ වී ඇති බව සඳහන් වනවා.

ඒ හේතුවෙන් ඔවුන් භාවිතයට නොගත් මෙම පැකට් අපද්‍රව්‍ය ලෙස ඉවත දැමීමට සිදු ව තිබෙනවා.

කෙසේනමුත් මගීන්ගේ ඉල්ලීම මත පමණක් ඒවා ලබා දීමට් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ගම්මිරිස් සහ ලුණු පැකට් ලබා දීම නවතා දමා තිබුණත් මෙම නිෂ්පාදන දෙකම ව්‍යාපාරික පන්තියට සැපයීම අඛණ්ඩව සිදු කෙරෙන බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ කළු ගම්මිරිස්වල ඉහළ “පයිපරීන්” අන්තර්ගතයක් තිබෙනවා.

ඉතින් මේ නිසාම අනිත් රටවල නිෂ්පාදනය කරන කුළුබඩු හා සසඳන විට අපේ රටේ ගම්මිරිස්වලට උසස් සහ තියුණු බවක් හිමිවනවා.

මීට පෙර ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගම්මිරිස් සහ ලුණු සපයනු ලැබුවේ ගුවන් සේවයේ ලාංඡනය සහිත කුඩා ඇසුරුම්වල වුවත් ආර්ථික පන්තියේ මගීන්ට පමණක් ලබාදෙන ආහාරවල ලුණු සහ ගම්මිරිස් ඉවත් කිරීමට ගුවන් සමාගම තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට හේතුව ලෙස සඳහන් වන්නේ, ආර්ථික පන්තියේ ගමන් කරන මගීන්ගෙන් බහුතරයක් ගම්මිරිස් සහ ලුණු භාවිත නොකරන බව අභ්‍යන්තර සමීක්ෂණයකට අනුව පෙනීයෑම බවත් එහි ප්‍රතිඵලයක් ලෙස භාවිතයට නොගත් පැකට් අපද්‍රව්‍ය ලෙස ඉවත දැමීමට සිදුවීමයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!