ගුවනින් ගොස් අතුරුදන්වූ මලාවි උප ජනාධිපතිත් මරුට

ඊයේ (10) සිදුවූ ගුවන් අනතුරකින් මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝ චිලීමා සහ එහි ගමන්ගත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව මලාවි රාජ්‍ය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති වන Saulos Chilima සහ තවත් 9 දෙනෙකු ගමන් කළ ගුවන් යානය ඊයේ උදෑසන අතුරුදන්වූ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් අනතුරුව අතුරුදන් වූ යානය Chikangawa වනාන්තරයේ තිබී සොයා ගන්නා ලද අතර, එහි සිටි සියලු දෙනාම මියගොස් ඇති බව මලාවි රාජ්‍යයේ ජනාධිපති ලේකම් Colleen Samba නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!