ශ්‍රීලනිපයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරී පත්වී තිබෙනවා.

ඒ අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත්වී ඇත්තේ දුමින්ද දිසානායක මහතායි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!