කරුණා අම්මාන්ගෙන් ජනපතිට පොරොන්දුවක්

මෙවර උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ,

“ඊළඟ ධූර කාලයත් අපි ඔහුටම ලබාදිය යුතුයි. ඒ නිසා තමයි මමත් ඔහුට සහයෝගය දෙන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව අනිවාර්යයෙන්ම ඔහුට තමයි ඡන්දය දෙන්න යන්නේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලුදෙනාම ලෑස්තියි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්න. ඒ නිසා තමයි මමත් මගේ පක්ෂයත් ඔහුට සහයෝගය ලබාදෙන්නේ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!