ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු සමහර ඇමතිවරු ඇත්තටම මුදල් අමාරු අය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.
ඒ අය ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දහය ලක්ෂ විස්ස ලක්ෂ තිහ වශයෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ඒ අයට ආධාර කළ එක හොඳ බවද සඳහන් කළේය.
සමහර මැති ඇමතිවරුන් බලය පාවිච්චි කර ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 200- 400 ගත්ත එක වරදක් බවත් එය මුදල් අවභාවිතාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය
සල්ලි තියෙන මැති ඇමතිවරුත් එතනින් මුදල් ලබාගෙන තිබූ බවත් තමා එම අරමුදලින් සත පහක් ලබාගෙන නැති බවත් දිසානායක මහතා පැවසීය.
නමුත් හෘද රෝගීන් වකුගඩු රෝගීන් වෙනුවෙන් තමා මැදිහත්වී එම අරමුදලින් මුදල් ලබා ගෙනදී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා සාමාන්‍ය මිනිස්සුන්ට එම අරමුදලෙන් මුදල් නිකුත් කරන්නේ හෑලි මෑලි විදියට බවද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරමුදලෙන් මුදල් දින කිහිපයක් ඇතුළත නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ බවත් එයාගේ කළ යුතු බවත් ඔහු පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.