ඉංජිනේරුවෙක් ඝාතනය කර වසර 35ක් සැඟව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

අධිකරණය හමුවේ මරණ දඬුවම නියම වී වසර 35ක් සැඟව සිටි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (18) පූගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම හේතුවෙන් එලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

68 හැවිරිදි සැකකරු සිය අනන්‍යතාව හඳුනාගත නොහැකි පරිදි ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතියකය වෙනස් කර සිටි බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

පසුගිය පෙබරවාරි 9 වනදා මරණ දඬුවම නියමවී සිටි මෙම ප්‍රධාන සැකකරුගේ බිරිඳත් සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!