පාසල් සිසුන් සමග සිරියාවේ බස් රථයක් ගඟකට පෙරළෙයි (VIDEO)

පාසල් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගඟකට පෙරලීමෙන් හත් දෙනෙකු මිය ගිය පුවතක් වයඹදිග සිරියාවේන් වාර්තා වනවා.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින් බවත් ඔවුන් දියේ ගිලී මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

එම බස් රථය ඉඩ්ලිබ් නගරයට බටහිරින් ඩාර්කුෂ් නගරයට ආසන්නව මාර්ගයෙන් ඉවතට පැන ඔරොන්ටෙස් නමින් හඳුන්වන ගඟට වැටී තිබෙනවා.

එම අවස්ථාවේ බස් රථයේ ළමුන් බොහෝ පිරිසක් රැගෙන යමින් සිටි බවයි වාර්තා වන්නේ.

වයිට් හෙල්මට් නමින් හැඳින්වෙන සිවිල් ආරක්ෂක සංවිධානයේ නිලධාරියෙකු පැවසුවේ ගලවා ගැනීමේ කණ්ඩායම් පැය හයකට පසු දිවි ගලවා ගත් අය සෙවීමේ කටයුතු අවසන් කළ බවයි.

බස් රථය මාර්ගයෙන් ඉවතට යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!