සුපිරි 8දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකාව තවමත් සුදුසුයි

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට ඇති ඉතිරි තරග දෙකම ජයගෙන දකුණු අප්‍රිකාව හෝ බංග්ලාදේශය ඔවුන් සහභාගී වන ඉතිරි තරගවලින් දෙකක් පරාජයට පත්විය යුතුව තිබෙනවා.

අද (08) බංග්ලාදේශය අතර පැවැත්වුණු T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව කණ්ඩායම පරාජයට පත්වුණා.

මේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට තිබෙන අවස්ථාව තවදුරටත් අවම මට්ටමකට පත්වුණා.

ශ්‍රී ලංකාව T 20 ලෝක කුසලාන තරගාවලියකදී බංග්ලාදේශය හමුවේ පරාජයක් ලැබු පළමු අවස්ථාව ලෙසට මෙය වාර්තා වනවා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 124ක් ලබාගත්තා.

ඒ අනුව ලකුණු 125ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශකණ්ඩායමට දැඩි පීඩනයක් එල්ලකිරීමට එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කිරීමට හේතූ වුණේ වනිඳු හසරංග යැවූ 12 වැනි පන්දුවාරයේදී තව්හිද් හ්‍රිදෝයි පිට පිට එල්ල කළ හයේ පහර 3යි.

18 වැනි පන්දුවාරය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නන් සිව්දෙනාගේ පන්දුවාර 16 යොමු කර අවසන්ව තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිළිබඳ තබා තිබු බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවුණා.

අවසන් පන්දුවාර දෙකට කඩුළු දෙකක් අතැතිව බංග්ලාදේශය ලකුණු 11ක් රැස්කරගත යුතුව තිබුණත් අවසන් පන්දුවාර දෙක යැවීම සඳහා තරගය තුළ එතෙක් පන්දු නොයැවූ දසුන් ශානක හෝ ඇන්ජලෝ මැතිව්ස් අතරින් එක් පන්දු යවන්නෙක් තෝරාගැනීමට වනිඳුට සිදුවුණා.

19 වැනි පන්දුවාරය යැවීමේ වගකීම දසුන් ශානකට පැවරුණු අතර එම පන්දුවාරයේදී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 11 රැස් කරගනිමින් බංග්ලාදේශය තරගයේ ජය වාර්තා කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!