රෝහිතට පොහොට්ටුවෙන් ලොකු පුටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කාර ධුරයට පත් කර තිබෙනවා.

ඒ එම පක්ෂයේ විධායක සභාව, හිටපු ජනාධිපති සහ එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී කැඳ වූ අවස්ථාවේදී.

මීට පෙර එම පක්ෂයේ පරිපාලන ධූරාවලිය තුළ ‘ජාතික කැඳවුම්කරු’ යනුවෙන් තනතුරක් නොතිබීමත් විශේෂත්වයක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!