වත්මන් ආණ්ඩුව සෑම කෙනෙකුටම වියදම් අඩු කරන ලෙස පැවසූවද, තම වියදම් අඩු නොකරන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්න කළේය .
පාර්ලිමේන්තුව අමතමින් ඔහු අද පැවසූවේ පසුගිය වසරේ රුපියල් බිලියන 7,100 ක්ව පැවති රජයේ සමස්ත වියදම 8% කින් මෙවර ඉහළ නංවා ඇති බවය . ඒ අනුව මෙවර රජයේ වියදම රුපියල් බිලියන 7,933 ක් ලෙස දක්වා ඇතිබව ඔහු පෙන්වා දුන්නේය .
අනවශ්‍ය ශ්‍රම පිරිවැය සහ අකාර්යක්ෂමතා ඉවත් කිරීමෙන් රජයට පහසුවෙන් වියදම් අඩු කර ගත හැකිව තිබූ බවත්, අමාත්‍යාංශ 9 ක් සඳහා 81%ක් සහ අමාත්‍යාංශ 13 ක් සඳහා 19% ක් වශයෙන් වෙන් කර ඇති බවත් ඔහු එහිදී පැවසීය .
රුපියල් බිලියන 6,180 ක ආදායමක් ලබා ගැනීම ප්‍රශංසනීය වුවද, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ඒ වෙනුවෙන් දේශපාලන වන්දියක් ගෙවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද එහි ගෞරවය හිමි විය යුතු බව මන්ත්‍රීවරයා පැවසීය .
මෙම ආදායම සමඟ අයවැය හිඟය බිලියන 1,753 ක් වී ඇති අතර, රුපියල් ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම්ද සමඟ මුළු මූල්‍යකරණ අවශ්‍යතාව බිලියන 3,800 ක් බව ඔහු පෙන්වාදුන්නේය.
එහි 10% සිට 11% දක්වා පොලියට ණයට ගන්නා බිලියන 1,753 ක නව අයවැය හිඟය ඇතුළත් වන බවත්, 1948 සිට ගොඩගැසී ඇති රුපියල් ට්‍රිලියන 33 ක ණය කන්දට එය එකතු වන බවත් ඔහු පවසයි. අතිරික්තයක් ඇති බවට පැවසීම නිවැරදි කළ යුතු අතර, පුනරාවර්තන වියදම් වෙනුවට ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් යෙදවීම යහපත් බවද මන්ත්‍රීවරයා කියා සිටියි.