ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතින බව විදෙස් මධ්‍ය වාර්තා පවසයි . ඉල්ලුමට වඩා බොරතෙල් නිෂ්පාදනය, චීනයේ මිලදී ගැනීම් පහත වැටීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහනය යුද්ධයට පෙර පැවති කාලයට ආසන්න තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල දිගින් දිගටම පහත වැටෙමින් තිබෙනා බව එම මාධ්‍ය පවසයි.
අද දිනයේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.42ක් දක්වා පහත වැටී ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.42ක් දක්වා පහත වැටී ඇත .
නමුත් Murban බොරතෙල් බැරලයක මිල පෙර ගනුදෙනු සැසියට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇත . එහි නව මිල දක්වෙනුයේ ඩොලර් 94.48 ක් ලෙස සඳහන් වෙයි .