අයවැය සහනය අනුව අභ්‍යාස පොත් මිල 18% කින් පහළට .

2026 දෙසැම්බර් මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල 18% කින් අඩු කිරීමට නියමිත බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය ප්‍රකාශ කරයි . මෙවර අයවැය මඟින් ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහන හේතුවෙන් මෙම මිල අඩු කිරීම සිදුකරනා බව එම සංගමය පවසයි .