රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද බවට සැකකෙරෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් දින 14 ක කාලයක් සඳහා තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන ඇත.
මෙම තෙමහල් නිවස සහ ඉඩම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක (රු. 25,000,000) පමණ වටිනාකමකින් යුක්ත වන අතර, එය ශිරාන් බාසික් විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන, පසුව තෑගි ඔප්පුවක් මගින් තම දියණිය වෙත පවරා දී තිබූ බව විමර්ශනවලදී හෙළ්ඊවීම් නිසා මෙම පියවර ගෙන ඇත .
ඒ අනුව අදාළ නිවස ඇතුළු ඉඩම විකිණීම, පැවරීම වළක්වාලමින් ඊයේ (13) දින සිට බලපැවැත්වෙන පරිදි දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියදී අත් අඩංගුවට ගෙන පසුගියදා මෙරටට රැගෙන ආ ලද ශිරාන් බාසික්ගේ දේපොළ කිහිපයක්ම මේ වනවිට අත්හිටුවීමට පියවරගෙන තිබේ.