භික්ෂූ සත්‍යග්‍රහයට පහර දුන්නේ ආණ්ඩුවේ උවමනාවට .

අනුරාධපුරයේදී භික්ෂූන් වහන්සේලාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති .

ආණ්ඩුවේ මෙහෙයවීමෙන් සහ උපදෙස් මත පොලිසියේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම සිද්ධිය සිදුවූ බවට තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ වැඩි දුරටත් පවසති .

ගාලුමුවදොර අරගල සමයේ නිරායුධ අරගලකරුවන්ට පහරදුන් ආකාරයටම, උපවාසයේ නිරතව සිටි කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙලෙස පහරදීම සිදුකර ඇති බව උන්වහන්සේ පැවසූහ. ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය පරිශීලකයෝ කුමක් පැවසූවද මේ සිද්ධියේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවට නොහැකිබව උන්වහන්සේ පෙන්වාදුන්හ.