පසුගිය පැය කිහිපය තුළ ගිං ගඟ ඉහළ ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ගඟ ආසන්නයේ පහත් බිම් වෙත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර පැවසීය .
අද (09) රාත්‍රී 7:45 ට පමණ නිකුත්කළ විශේෂ නිවේදනයක මේබව සඳහන් වෙයි .
විශේෂයෙන්ම දෙණියාය, දෙල්ලව, තවලම, හිනිදුම සහ බද්දේගම ආසන්න ප්‍රදේශවල ස්ථාන කිහිපයක මිලිමීටර් 100 ත් 150ත් අතර වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතන තත්ත්වයක් පවතියි .
මෙම තත්ත්වය යටතේ තවලම, හිනිදුම, නාගොඩ, බද්දේගම සහ දිවතුර ඇතුළු ගිං ගඟ ආසන්නයේ පහත් බිම්වල ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින්, ඒ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් හා අවධානයෙන් සිටින ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.