ඩ්‍රෝන යානා ගෙනාවේ අනවස‍රයෙන් නොවේ. නලීන් බණ්ඩාර

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39 සහ මයික්‍රොපෝන් 16 ගැන ඔහු මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එකී උපකරණ සිය පවුලේ පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා රැගෙන ආ බවත්, ඒවාට අවශ්‍ය විදුලි සන්දේශ නියාමන අධිකාරියේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියද ලබාගෙන ඇතිබව ඔහු එහිදී පැවසීය .

කෙසේ වෙතත් තමන් සතුව ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය නිසි ලෙස ලබාගත් ලේඛණයක් නොතිබුණු බැවින් එම උපකරණ ගුවන්තොටුපොළ රේගු අංශ විසින් රඳවාගත් බව ඔහු එහිදී සඳහන් කළේය . ( එම අවස්ථාවේ ඔහු ඊට අදාල ලේඛණද ඉදිරිපත් කරනා ලදි )

”මෙහිදී වැරදි මතයක් තියෙනවා අපි නිශ්කාෂණය නොකර ආවා වගේ මතයක් තියෙනවා. හොරබඩු ගෙනාවා වගේ කතාවක්.නිශ්කාෂණය කරපුවාම තමයි මේ නෝටීස් එක දෙන්නේ. නිශ්කාෂණය නොකර අපි මොනවා හරි භාණ්ඩයක් ගෙනාවනම් ඒකොල්ලෝ කෙලින්ම ඒවා රඳවා තබා ගන්නවා.” ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය .