දකුණු ආසියාවේ පළමු වරට නියමුවන් රහිතව මගීන් ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන් ටැක්සි ව්‍යාපෘතියේ පළමු අත්හදා බැලීමේ කටයුතු ඊයේ (08) කොළඹ පෝර්ට් සිටි පරිශ්‍රයේදී සිදුවිය.
චීනයේ EHang සමාගම විසින් ලොවට හඳුන්වා දී ඇති මෙම තාක්ෂණය eVTOL (Electric Vertical Take-Off and Landing) ලෙස හඳුන්වන අතර, එය විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වන සිරස් අතට ගුවන්ගත කළ හැකි සහ ගොඩබැස්විය හැකි ගුවන් යානා තාක්ෂණයකින් යුක්ත වේ .
මෙම යානය සම්පූර්ණයෙන්ම බැටරි බලයෙන් ක්‍රියාත්මක වන අතර, එහි මෙහෙයුම් සඳහා කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකගත තාක්ෂණය භාවිතයෙන් සිදු වෙයි . ඔහු පෙන්වා දෙන්නේ, ඩිජිටල් ගණනය කිරීම් සහ කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් අහසේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ස්වයංක්‍රීයව ගමන් කිරීමේ හැකියාව මෙම යානය සතු බවයි.
මෝටර් 16 කින් සමන්විත මෙම යානයේ එක් මෝටරයක හෝ දෝෂයක් ඇති වුවහොත් අනෙක් මෝටර් මගින් යානයේ ගමන ආරක්ෂිතව පවත්වාගෙන යා හැකි ආකාරයට එය නිර්මාණය කර ඇති බව ද ඔහු සඳහන් කළා.
2014 වසරේදී ආරම්භ කළ EHang සමාගම මෙම තාක්ෂණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ අත්හදා බැලීම් වාර 100,000ක් පමණ සිදුකර ඇති බවයි ඔහු පැවසුවේ.
දැනට මෙම යානයෙන් එකවර මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි අතර, එක් ගමනකදී කිලෝමීටර් 25ත් 30ත් අතර දුරක් ගමන් කිරීමේ හැකියාව පවතිනවා.