මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය .
විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ වෛද්‍ය නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය .
මේ අතර, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.