හෝමාගම පොලිස් අත්අඩංගුවේදී 29 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබා ඇත.
පහතින් උපුටා දැක්වෙන්නේ ඉංග්රීසි භාෂාවෙන් තබා ඇති එම සටහන සහ එහි සිංහල පරිවර්තනයයි.
හෝමාගමදී පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවූ මරණය, අපට සිහිපත් කරන්නේ නීතිය ක්රියාත්මක කරන නිලධාරීන්ට සීමාවකින් තොර බලතල ලබාදීමේ ප්රතිවිපාකයි . අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමේ බලතල ප්රමාණවත් අධීක්ෂණයකට හා පාලනයකට යටත් විය යුත්තේ එබැවිනි.
අධික බලතල සහ ප්රමාණවත් පාලනයක් නොමැති වීමෙන් වධහිංසා පැමිණවීම සහ එවැනි ක්රියාවල නිරතවන්නන් නීතියෙන් දඬුවම් නොලබා සිටීමේ සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට හේතුවක් වනු ඇත.