කතළුව බස් ටිපර් ගැටුමෙන් පස්දෙනෙක් රෝහලේ .

කතළුව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පස් දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

තුවාල ලද පුද්ගකයන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති බව පොලිසිය පවසයි .

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කර‍යි.