අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටි කිරිවත්තුදුවේ ඉෂාර හර්ෂ කුමාර නමැත්තාගේ මරණ සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. 29 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ ඥාතීන් පවසනුයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී පොලිස් නිලධාරීන්ගේ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවයි .
එමෙන්ම, ප්රශ්න කිරීම සඳහා රැගෙන ගිය සැකකරුට ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බවත්, පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඔහුව ඔසවාගෙන පැමිණි බවත් ඔවුහු චෝදනා කරති .
පසුව සැකකරු නැවත පොලිස් සිර මැදිරියට රැගෙන ආ අවස්ථාවේදී ඔහුගේ සිරුරේ තුවාල දක්නට තිබූ බවත්, රුධිරය වහනය වෙමින් තිබූ බවත් අවසානයේ තම බලකිරීමට එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවට ඥාතීහු චෝදනා කරති .
මත්ද්රව්ය වැටලීමක් අතරතුර සැකකරු හෝමාගම පොලිස් ස්ථානයට රැගෙන ආ බවත්, එහිදී සැකකරුට හදිසි අසනීප තත්ත්වයක් ඇතිවී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවත් පොලිස් මාධ්ය කොට්ඨාසය පවසයි .