48 cc කාණ්ඩයේ එන්ජින් සහිත යතුරුපැදි මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, එයාර් මාෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දු පැවසීය .

මෙම කාණ්ඩයට අයත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් යතුරුපැදි අලෙවිකරුවන් විසින් ප්‍රකාශ කළද එය නිවැරදි නොවනා බව කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව පාරිභෝගිකයින් මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට වගබලා ගතයුතු බවත් , ලියාපදිංචි නොකළ මෙවැනි යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසු වුවහොත්, ඒ සඳහා පොලිසිය විසින් නීතිමය පියවර ගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .