පාකිස්තානයේ රාවල්පින්ඩිහිදී පැවැති තෙවන විස්සයි විස්සේ තරඟයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය .
ප්රතමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන පිල සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබාගත් අතර ශ්රී ලංකාවට ලකුණු 169 ක ඉලක්කයක් හිමිවිය . ඒ අනුව ලකුණු 169ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරඟයේ ජය තහවුරු කර ගැනිමට සමත් විය .
නායක කුසල් මෙන්ඩිස් පන්දු 48 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කරමින් ශ්රී ලංකාව ජයග්රහණය වෙත කැඳවාගෙන යාමට මුල් විය. කමින්දු මෙන්ඩිස් පන්දු 27 කදී නොදැවී ලකුණු 40 ක් ලබාගත් අතර, සිනෙත් ජයවර්ධන පන්දු 26 කදී ලකුණු 38ක් රැස් කරගනිමින් ශ්රී ලංකාවේ ජයග්රහණය කඩිනම් කළේය .
පාකිස්තාන නායක සහිබ්සාදා ෆර්හාන් පන්දු 47කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76 ක් රැස් කළ අතර, අරාෆත් මින්හාස් නොදැවී ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය .
ශ්රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 ක් ලබාගන්නා ලදි .