සෞදි අරාබිය සිය රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ගුවන් ගමන් ලබන සෙනසුරාදා දක්වා අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කර ඇත . විදෙස් මාධ්‍ය සඳහන් කළේ හූති කැරලිකරුවන්ගේ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් සෞදි ගුවන් සේවා බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මීට අමතරව සෞදි අරාබියේ කිං කාලීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතුද අත්හිටුවා ඇති බව වාර්තා වෙයි .
පසුගිය සෙනසුරාදා රියාද ගුවන්තොට ඉලක්ක කර හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයන් 300කට අධික පිරිසක් තුවාල ලැබුහ .