ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත 2027 වසර සඳහා LPG මෙට්රික් ටොන් 420,000ක ප්රමාණයක් සැපයීමේ කොන්ත්රාත්තුව OQ Trading Limited වෙත ප්රදානය කිරීමට අමාත්ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත .
ඒ අනුව එම කොන්ත්රාත්තුව 2027 ජනවාරි 01 වැනි දින සිට මාස 12ක කාලයක් සඳහා වලංගු වන අතර, එහි අවම සහතික කළ සැපයුම් ප්රමාණය මෙට්රික් ටොන් 336,000 ක් ලෙස දැක්වෙයි .
කැබිනට් තීරණයට අනුව, Saudi Aramco සමාගමේ ගිවිසුම්ගත මිලට අමතරව මෙට්රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 133.93 ක ස්ථාවර වාරිකයක් එකතු කරමින්, පිරිවැය, රක්ෂණය සහ නැව් ගාස්තු පදනම මත මෙම ගෑස් සැපයුම් කොන්ත්රාත්තුව ප්රදානය කර ඇත .
2027 වසර සඳහා LPG සැපයුම් ලබාගැනීම සඳහා ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් අන්තර්ජාතික තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු හතරක් ලැබී ඇත.තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්රසම්පාදන කමිටුව විසින් මෙම ලංසු පරීක්ෂා කර ඇගයීමට ලක් කර ඇතිබව පැවසේ .