ලිට්‍රෝ සමාගමට ගෑස් සැපයීම OQ Trading සමාගමට

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත 2027 වසර සඳහා LPG මෙට්‍රික් ටොන් 420,000ක ප්‍රමාණයක් සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading Limited වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත .

ඒ අනුව එම කොන්ත්‍රාත්තුව 2027 ජනවාරි 01 වැනි දින සිට මාස 12ක කාලයක් සඳහා වලංගු වන අතර, එහි අවම සහතික කළ සැපයුම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 336,000 ක් ලෙස දැක්වෙයි .

කැබිනට් තීරණයට අනුව, Saudi Aramco සමාගමේ ගිවිසුම්ගත මිලට අමතරව මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 133.93 ක ස්ථාවර වාරිකයක් එකතු කරමින්, පිරිවැය, රක්ෂණය සහ නැව් ගාස්තු පදනම මත මෙම ගෑස් සැපයුම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇත .

2027 වසර සඳහා LPG සැපයුම් ලබාගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් අන්තර්ජාතික තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු හතරක් ලැබී ඇත.තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ලංසු පරීක්ෂා කර ඇගයීමට ලක් කර ඇතිබව පැවසේ .