හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපතිවරයාද වෙයි .