සමාජ මාධ්‍ය වෙත දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ එක් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ඉපයීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වීමත් සමඟ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවත්, දරුවන්ගේ දක්ෂතා සහ සුරතල් ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීමේ මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන එම ඡායාරූප හා වීඩියෝ වාණිජ අරමුණු සඳහා යොදාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් අමාත්‍යංශය සඳහන් කරයි .
දරුවන්ගේ දෛනික ජීවන රටාව ඇතුළත් වීඩියෝ සහ Vlog සමාජ මාධ්‍ය වෙත එක් කිරීම හරහා ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්විය හැකි බවටද අමාත්‍යාංශය අනතුරු අඟවයි.
එමෙන්ම අන්තර්ජාලයට එක්කරන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ උපයෝගී කරගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක්ද පවතින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි .