යම් දිනෙක අවස්ථාවක් හිමිවුවහොත් මෛත්‍රෙයී රාමක්‍රිෂ්ණන් (Maitreyi Ramakrishnan) තම සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක කරගැනීමට කැමැත්තෙන් පසුවන බව ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා පවසනවා.
නෙට්ෆ්ලික්ස් (Netflix) හි විකාශය වන ‘Best of the Best’ චිත්‍රපටයේ ‘මායා’ නම් චරිතය නිරූපණය කරන ඇය සතු රංගන ප්‍රතිභාව අගය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත .
සම්මුඛ සාකච්ඡාවකදී ඇය තමන්ගේ ජාතික අනන්‍යතාව “දෙමළ ඊළාම්” (Tamil Eelam) ලෙස හැඳින්වීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් කලබලයට පත්ව ඇති බව පෙන්වා දෙන ඔහු යුදමය වාතාවරණය හේතුවෙන් කැනඩාවට සංක්‍රමණය වූ දෙමාපියන්ට දාව උපන් ඇය නිල වශයෙන් කැනේඩියානු පුරවැසියෙකු බව හඳගම පවසයි .
ඇයට දෙමළ භාෂාව කතා කිරීමට නොහැකි වුවද දකුණු ආසියානු උරුමය සහ අසා ඇති කතාන්දර ඔස්සේ ඇය විසින්ම ගොඩනගාගෙන ඇති මෙම අනන්‍යතාව ඇයගේ පෞද්ගලික අයිතියක් බව ඔහු අවධාරණය කර සිටිනවා.