අධිවේග මාර්ගයේ වසර හතරකට රුපියල් මිලියන 4600 ක වංචාවක් .

2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614 ක ආදායමක් අහිමිවී ඇති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම කාලය තුළ අධිවේග මාර්ගටට අතුළුවීමේ ටිකට්පත් මිලියන 133.8 කට අධික සංඛ්‍යාවක් නිකුත් කර තිබුණද, වාහන මිලියන 18.2කට අධික සංඛ්‍යාවක් සඳහා පිටවීමේ ටිකට්පත් නිකුත් කර නොතිබූ බව විගණනයේදී අනාවරණය වී ඇත. එම ක්‍රියාව හේතුවෙන් රුපියල් මිලියනයකට ආසන්න ගණනක් මාර්ග සංවර්ධන අධිකාරියට දෛනිකව අහිමිව ගොස් ඇතිබව එම වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම වාහන වල වර්ගය වෙනස්කර දක්වීමෙන්ද මෙම වංචාවට දයාකව ඇතිබව වාර්තා වේ. එකෙස වර්ගය වෙනස්කර නිකුත්කළ ප්‍රවේශපත්‍ර ගණන 241,964 කට ආසන්න බවද විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

එහෙත් මෙම වංචාවට වගකිව යුතු මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුනාගෙන විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි අක්‍රමිකතා වැළැක්වීමට අධිවේගී මාර්ග කළමනාකරණය කටයුතු කර නොමැති බව විගණන වාර්තාවේ සඳහන් වෙයි