නව සාමාන්‍යාධිකාරීවරයෙක් ඉල්ලා දුම්රිය මගීන් වර්ජනයක් අරඹන්නට යයි .

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකරන්නේනම් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව එළඹෙන බ්‍රහස්පතින්දා දින ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය අනිවාර්යෙන්ම සිදුකරන බව එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය .

මෙම වැඩවර්ජනය සදහා ඉතිහාසයේ ප්‍රථමවරට දුම්රිය මගී සංගම්වල සහය ද ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දුම්රිය ප්‍රමාද වීම් ඇතුළු මගී ගැටලු සඳහා තවදුරටත් නිසි විසදුම් නොලැබීම හේතුවෙන් තම සංගමය ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දක්වන බව හීන්දෙණිය, පට්ටිගොඩ එක්සත් දුම්රිය මගී සංගමයේ සභාපති ආර්.ඒ.රණතුංග තහවුරු කළේය .

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වර්තමානයේ උද්ගතව අති ගැටළු ගැන සාකච්ඡා කිරීම සදහා දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හෙට දිනයේ (14) සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එම සාකච්ඡාවෙන් අපේක්ෂිත විසදුම් නොලැබුණහොත් සැලසුම් කර තිබෙන පරිදි වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය අවධාරණය කරයි .