මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීම සඳහා ශිරන්ති රාජපක්ෂ සිය වාහනයෙන්ම බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබා දුන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් අමාත්‍ය විජිත හේරත්ගෙන් විමසීය .
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසූවේ ඇය හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳ වීම හේතුවෙන් එම අවසරය ඇයට හිමිවූවා විය හැකි බවය .
සාමාන්‍ය පුද්ගලයෙකුට බන්ධනාගාරයක් ඉදිරිපිට වාහනයක් නවත්වා තැබීමට පවා අවසර නොමැති බවත්, එසේ තිබියදී නාමල් රාජපක්ෂ බැලීම සඳහා ශිරන්ති රාජපක්ෂට සිය වාහනයෙන්ම බන්ධනාගාර භූමියට ඇතුළු වීමට අවසර ලැබීම විශේෂ වරප්රසාදයක්දැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීය .
නාමල් රාජපක්ෂ මහතාට මේ වනවිට අධිකරණයෙන් දඬුවමක් නියම වී නොමැති බැවින් ඔහු පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගත කළ රැඳවියෙකු ලෙස බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා බලා පසුව ප්‍රකාශයක් සිදුකරන බව පැවසීය .