කොල්ලූපිටිය හයවෙනි පටු මගේ මහල් නිවාස සංකීර්ණයක් අසල අද (04) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලත් කාන්තාවක් රෝහල්ගත කළ බව පොලිසිය පවසයි .
කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක උඩු මහලක සිටි පුද්ගලයෙක් එළිමහනේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇත . පෞද්ගලික හේතුවක් මත වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි . කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .