ශ්‍රී ලංකා පොලිස් සේවය නවීකරණය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස පොලිසියට නව නිළ ඇඳුමක් හඳුන්වාදීමට කටයුතු කරනා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
නූතන පොලිස් සේවයක අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පරිදි දැනට පවතින පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවත්, 2027 මැදභාගය වන විට පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
යෝජිත නව නිළ ඇඳුම සැකසීමේදී ශරීර කැමරා (body cameras), බැටන් පොලු, විදුලි පන්දම්, මාංචු සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ ඇතුළත් නූතන පොලිස් නිලධාරියෙකුට අවශ්‍ය මෙවලම් පහසුවෙන් පැළඳීමට හැකියාව ලැබෙන පරිදි එය සැලසුම් කිරීමට නියමිතය .
නව නිල ඇඳුමක් නිර්මාණය කිරීම සඳහා වෘත්තීය විලාසිතා නිර්මාණ සමාගමක් සම්බන්ධ කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට තමා උපදෙස් දී ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.